කොවිඩ් සිරුරු භූමදානය:ඉම්රාන් ඛාන්ගේ ප්‍රසාදය

කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර දීම ගැන පකිස්ථාන අගමැතිගෙන් ප්‍රශංසා..

by Staff writer 26-02-2021 | 6:27 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව තුළ කොවිඩ් අසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීම සඳහා නිල වශයෙන් අවසර ලබා දීම පිළිබඳව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ට්විටර් පණිවිඩයක් තබමින් ශ්‍රී ලංකා රජයට හා ජනාධිපතිතුමාට ප්‍රශංසා එක් කර තිබේ.

පකිස්ථාන විදේශ කටයුතු අමාත්‍ය ශා මහමූඩ් කුරේෂි මහතා ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, ශ්‍රී ලංකා රජය ගත් මෙම තීරණයට සිය ප්‍රශංසාව පුද කරන බවත්, මෙවන් තීරණ තුළින් පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර අනෝන්‍ය සහයෝගීතාව වර්ධනය කර ගත හැකි බවයි. මේ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය ට්විටර් පණිවිඩයක් නිතුක් කරමින් සඳහන් කරන්නේ, මෙම තීන්දු පමා වී ගනු ලැබු යහපත් එකක් බවයි. එබැවින් එය නොමපාව ක්‍රියාවට නංවන ලෙස ද ඇය ඉල්ලා සිටී.