කොවිඩ් එන්නත ගැන ජනතාවට විශේෂ දැනුම් දීමක්..

කොවිඩ් එන්නත ගැන ජනතාවට විශේෂ දැනුම් දීමක්..

by Staff writer 26-02-2021 | 8:28 PM

COLOMBO (News 1st) – කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කෝවිඩ් 19 ව්‍යාප්ත වීමේ අධි අවදානමක් සහිත ග්‍රාම නිලධාරි වසම්වල වාසය කරන වයස අවුරුදු 30 සහ ඊට වැඩි සියල්ලන්ට අද(26) සිටම එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම ප්‍රදේශ හඳුනා ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.