එංගලන්තයට එරෙහිව ඉන්දියාවට විශිෂ්ට ජයක්: දින 2න් ටෙස්ට් තරගය අවසන්..

එංගලන්තයට එරෙහිව ඉන්දියාවට විශිෂ්ට ජයක්: දින 2න් ටෙස්ට් තරගය අවසන්..

එංගලන්තයට එරෙහිව ඉන්දියාවට විශිෂ්ට ජයක්: දින 2න් ටෙස්ට් තරගය අවසන්..

කර්තෘ Staff writer

26 Feb, 2021 | 8:50 am

COLOMBO (News 1st) – එංගලන්තය සමග පැවැති තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 10කින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය.

දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැති මෙම තරගය දින දෙකක් තුළ අවසන් වීම විශේෂත්වයකි.

නවීකරණය කර, විවෘත කෙරුණු අහමදාබාද්හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවුණේ ලකුණු 112 ක් පමණි.

ඊට පිළිතුරු ලෙස ඉන්දියාව පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 145 ක් රැස් කළේ ය.

අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 81 කට දැවී ගියේ ය.

ඒ අනුව, ජයග්‍රහණය සඳහා ඉන්දියාවට ලකුණු 49 ක ඉලක්කයක් හිමි වූ අතර එය ඔවුන් කිසිවෙකු නොදැවී පසු කළේ ය.

තරගයේ වීරයා සම්මානය ඉන්දියාවේ අක්සාර් පටෙල්ට හිමිවිය.

මෙම තරග ජයග්‍රහණයත් සමගින් ඉන්දියාව තරග 4 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2 ට 1 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]