හොරණ හදිසි වැටලීමක්..

හොරණ වැටලීමක්:හෙරොයින් කිලෝ 45ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 25-02-2021 | 8:34 AM

COLOMBO (News 1st) - හෙරොයින් කිලෝ 45ක් සමග යුද හමුදා සාමාජිකයෙකු සහ හමුදාවෙන් පළා ගොස් සිටි අයෙකු අද හොරණ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු මීට මාස දෙකකට පෙර හමුදා සේවයෙන් පැන ගිය අයෙකි. අනෙක් සැකකරු තවමත් යුද හමුදාවේ සේවය කරන සෙබලෙකි. මේ අතර හෙරොයින් සමග අද අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබළා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව යුද හමුදාව පවසයි. හොරණ ප්‍රදේශයේදී වෑන් රථයක් පරික්ෂා කිරිමේදී එහි තිබී හෙරොයින් කිලෝග්රෑම් 45 ගැම් 376 කට අධික තොගයක් අද අලුයම සොයා ගැනිණ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, පානදුර මධ්‍යම දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් අනුව කළ වැටලීමකදී එම හෙරොයින් තොගය සොයා ගත් බවයි. https://www.youtube.com/watch?v=Z2YQqotRGBc&feature=youtu.be