by Sagarika Chathumali 25-02-2021 | 4:30 PM
COLOMBO (News 1st) : පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් විසින් රචිත 'හෙළ වෙදකමේ යටගියාව' කෘතියේ පළමු පිටපත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වී ය.
කර්තෘ හිමියන් විසින් අද (25) පෙරවරුවේ කෘතිය පිළිගන්වනු ලැබුවේ, ජනාධිපති කාර්යාලයේදී ය.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෙරට ඉපැරණි හෙළ වෙදකම එහි ස්වර්ණමය යුග සහ වටිනාකම් පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් එහි අන්තර්ගත බවයි.