සිරුරු භූමදානය: මාර්ගෝපදේශ ගැසට් පත නිකුත් කෙරේ

මළ සිරුරු භූමදානයට අදාල මාර්ගෝපදේශ ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ..

by Staff writer 25-02-2021 | 11:27 PM

COLOMBO (News 1st) - මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමට අදාල මාර්ගෝපදේශ ඇතුලත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

අදාල ගැසට් නිවේදන මගින් පෙර සඳහන් වූ මෘත දේහය ආදාහනය කිරීම යන වචනය වෙනුවට මෘත දේහ ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම යන්න සංශෝධනය කර තිබේ. ඒ අනුව අදාල තැනැත්තාගේ මෘත දේහය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද විධානවලට අනුකූලව නිසි බලධාරියා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක අදාල බලධාරියාගේ අධීක්ෂණය යටතේ භූමදානය කළ යුතුයි. අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.