කොමිසම් වාර්තාව ප්‍රතික්ෂේප කරනවා.- ශ්‍රීලනිප

පාස්කු ප්‍රහාරය ගැන කොමිසම් වාර්තාව ශ්‍රීලනිප විධායක කමිටුව ප්‍රතික්ෂේප කරයි..

by Staff writer 25-02-2021 | 7:22 PM

COLOMBO (News 1st) – පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටුව අද ඒකමතිකව තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා කළ යෝජනාවක් විධායක කමිටුව ඒකමතිකව සම්මත කළ බවයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට එල්ල කර තිබෙන අපරාධ චෝදනා පදනම් විරහිත බව ද නිදහස් පක්ෂ විධායක කමිටුව එම යෝජනාවෙන් තීරණය කර තිබේ. නිදහස් පක්ෂයේ විධායක කමිටුව අද තීරණය කර ඇත්තේ, ගැසට් පත්‍රයකින් කොමිෂන් සභාවට පවරා දී තිබූ බලය යම් යම් අවස්ථාවලදී අතික්‍රමණය කර අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බවයි. මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා තවදුරටත් නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ යුතු බව ද විධායක කමිටුව අද තීරණය කර තිබේ.