අවදානම් ග්‍රාම නිලධාරී වසම්වලටත් එන්නත

අවදානම් ග්‍රාම නිලධාරී වසම් සඳහා කොරෝනා එන්නත්කරණය හෙට ඇරඹේ..

by Staff writer 25-02-2021 | 8:05 AM

COLOMBO (News 1st) - කොරෝනා අවදානම් සහිත ග්‍රාම නිලධාරීන් වසම් ආශ්‍රීත එන්නත්කරණය හෙට(26) සිට ආරම්භ කරන බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

මේ අතර ඉන්දියාවෙන් ඇණවුම් කළ කොරෝනා එන්නත් ලක්ෂ 5ක් අද(25) දිවයිනට ලැබෙන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය. පසුගිය ජනවාරි 28 වැනි දා ඉන්දියාවේ ප්‍රදානයක් ලෙස ලැබුණු කොවිඩ් එන්නත මේ වනවිට පුද්ගලයින් 360,000 දෙනෙකුට ලබා දී අවසන් ය. තව ත් ඉතිරිව ඇත්තේ එන්නත් 116,907 ක් පමණි.