විදෙස් රැකියා අපේකෂකයින්  මුලා කරන ජාවාරමක්

සමාජ මාධ්‍යවල පළවන විදේශ රැකියා දැන්වීම්වලට රැවටෙන්න එපා...!

by Staff writer 24-02-2021 | 5:42 PM

COLOMBO (News 1st) : විදේශ රැකියා හා සම්බන්ධ විවිධ දැන්වීම් සමාජ මාධ්‍යවල පළ කරමින් සිදු කරන ජාවාරම්වලට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශය ජනතාවට දැනුම් දී සිටී.

විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, සාමජ මාධ්‍යයෙහි විවිධ දැන්වීම් පළ කරමින් විදෙස් රැකියා අපේක්ෂකයින්  මුලා කොට විවිධ ජාවාරම් සිදු කරන බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම සිය කාර්යංශයට ද පැමිණිලි ලැබී ඇති බවයි. බලපත්‍රලාභි රැකියා නියෝජිතායතනවලට විදේශ රැකියා සඳහා නීත්‍යනුකූල දැන්වීම් පළ කිරීමට අනුමැතිය හිමි වන්නේ පුවත්පත්, රූපවාහිනි සහ ගුවන් විදුලි වැනි මාධ්‍යවල ඔස්සේ පමණක් බව ද එහි සඳහන් ය. සමාජ මාධ්‍යවල දැන්වීම් හෝ තොරතුරු පළ කිරීමට කාර්යංශයෙන් අනුමැතිය ලබා නොදෙන බවත් සමාජ මාධ්‍යවල විදේශ රැකියා හා සම්බන්ධ දැන්වීම් පළ කිරීම කාර්යංශ පනතට අනුව නීතිවිරෝධි හා දඬුවම් ලැබිය හැකි වරදක් වන බව ද එහි සඳහන් ය. එබැවින් එවැනි සමාජ මාධ්‍ය හරහා පළවන දැන්වීම්වලට ප්‍රතිචාර නොදක්වන ලෙස මෙන්ම ඒවායේ පළවන ව්‍යාජ තොරතුරු පිළි නොගන්නා ලෙස ද කාර්යංශය ජනතාවට දැනුම් දී සිටී.

මාධ්‍ය නිවේදනය

සමාජ මාධ්‍යවල පළ

වන විදේශ රැකියා දැන්වීම්වලට හසුවන්න එපා.

 

සමාජ මාධ්‍ය හරහා 

සිදුකරන

 ජාවාරමක් කාර්යංශය හෙළිකරයි.

 

විදේශ රැකියා හා සම්බන්ධ විවිධ දැන්වීම් සමාජ මාධ්‍යවල පළකරමින්, විදේශ රැකියාලාභින්

 මුලාකොට විවිධ ජාවාරම් සිදු කරන බවත්, එම ජාවාරම්වලට ජනතාවට නොරැවටෙන ලෙසත්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්ය

ශය දැනුම් දෙයි. ඇතැම් විදේශ රැකියා නියෝජිතායතන ද මෙම ජාවාරමට හවුල් වී ඇති අතර,

 

Facebook

Whatsapp

imo

 

වැනි සමාජ ජාලා හරහා ජනතාව රවටා, වංචනිකව මූල්‍ය ජාවාරම්වල නිරතවන

 බවට

 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට

 පැමිනිලි ලැබී

 ඇති බව කාර්යංශයේ නීති හා විමර්ශන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නීති

 කීර්ති මුතුකුමාරණ මහතා සඳහන් කරයි

.

 

විදේශ රැකියා සඳහා නීත්‍යානුකූල දැන්වීම් පලකිරීමට බලපත්‍රලාභි රැකියා නියෝජිතායතන වලට අනුමැතිය හිමි වන්නේ පුවත්පත්, රූපවාහිනි, ගුවන් විදුලි වැනි  මාධ්‍යවල පළකිරීමට පමණි. සමාජ මාධ්‍යවල දැන්වීම් හෝ තොරතුරු පළකිරීමට කාර්යංශයෙන් අනුමැතිය ලබා නොදෙන අතර , 

සමාජ මාධ්‍යවල විදේශ රැකියා හා සම්බන්ධ දැන්වීම් පළකිරිම

 කාර්යංශ පනතට අනුව නීතිවිරෝධි

 හා දඩු

වම් ලැබිය හැකි වරදකි.

 

එහෙත් ඇතැම් රැකියා නියෝජිතායතන හා පුද්ගලයන් සමාජ ජාලා හරහා මෙම නීතිය 

ල්ලංඝනය කරමින් විවිධ තොරතුරු පළ

කරමින් විදේශ රැකියාලාභින් මුලා කරන බව කාර්යංශය සඳහන් කරයි. එබැවින් එවැනි සමාජ මාධ්‍ය හරහා ප

වන දැන්වීම්වලට ප්‍රතිචාර නොදක්වන ලෙසත්, ඊට අනුගත නොවන ලෙසත්

 

එහි ප

වන ව්‍යාජ තොරතුරු පිලිනොගන්නා ලෙසත්

  නීති

 

කීර්ති මුතුකුමාරණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙවැනි ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් කාර්යංශය නිරන්තර අවධානයෙන් සිටින බවද

 මෙවැනි ජාවාරම්කරුවන්ට නොරැවටෙන ලෙස

 වැඩිදුරටත් අවධාරණය කරයි

.

 

 

මෙම ප්‍රවෘත්තිය පළකරදෙන මෙන් කාරුණිකව ඉල්ලමි.

 

 

කළ්‍යාණප්‍රිය රාමනායක

 

කළමනාකරු - ප්‍රචාරක හා මහජන සම්බන්ධතා