මහා වංශය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට තීරණයක්

මහා වංශය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානයෙන් තීරණයක්

by Staff writer 24-02-2021 | 7:46 AM

COLOMBO (News 1st) - මහා වංශය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර තිබේ.

ඒ අනුව, පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලයේ තබා ඇති මහා වංශය පුස්කොළ පොත ලෝක උරුමයක් ලෙස නම් කෙරෙනු ඇති. යුනෙස්කෝ සංවිධානයේ නියෝජිතයින් දිවයින පුරා ඇති පුස්කොළ පොත් පරීක්ෂා කර තිබෙන නමුත් ඒවායේ අඩුපාඩු තිබීම හේතුවෙන් එම පොත් ලෝක උරුමයක් ලෙසට නම් කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරා නැත. පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලයේ තබා ඇති මහා වංශයේ සියලු කොටස් නිවැරදිව පැවතීම සැලකිල්ලට ගෙන යුනෙස්කෝ සංවිධානය එම පොත ලෝක උරුමක් ලෙස නම් කිරීමට තීරණයකර තිබේ. 13 වන සියවසේ මහානාම මාහිමියන් විසින් මහාවංශය ලියන්නට පටන්ගන්නේ පඬිවරුන් ගණනාවකගේ දායකත්වයෙනි. මහාවංශ පුස්තකය තුළ විජය රජුගේ පටන් 1948 නිදහස දිනාගැනීම දක්වා කාල පරාසය ඇතුලත් වනු ඇත.