by Staff writer 23-02-2021 | 3:27 PM
COLOMBO (News 1st) - හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
මේ යෝජනාව ඉදිරිපත් කළේ, වාරිමාර්ග අමාත්‍යවරයා සහ වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ඒකාබද්ධවයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති සමග වන අලි ඇතුළු වනජිවීන්ගේ වාසස්ථාන හා සංක්‍රමණ මාර්ගවලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ඉඩම් හෙක්ටයාර 23746.55 ක භූමිය රක්ෂිතය සඳහා යෝජනා කෙරුණේ, අවශ්‍ය පර්යේෂණවලින් පසුව බව කැබිනට් යෝජනාවේ සඳහන් විය.