by Staff writer 23-02-2021 | 3:58 PM
CLOMBO (News 1st) : හෙළි පෙහෙළි කිරීම් හේතුවෙන් රඹකැන්ඔය ජල පෝෂක ප්‍රදේශයේ සිට ගලා එන පිරිසිදු ජල උල්පත් ද පස් යොදා වසා දමා ඇති බවට අද අනාවරණය විය.
ඓතිහාසික රඹකැන්ඔය කලාපයේ ඉඩම් අක්කර 2,750 බඩඉරිඟු වගා කිරීම සඳහා බදුදීමට පසුගිය දින කැබිනට් අනුමැතිය ලැබිණ.
කැබිනට් තීරණයේ දැක්වෙන්නේ මහවැලි අධිකාරිය යටතේ පාලනය වෙන හඳුනාගත් රක්ෂිතවලට අයත් නොවන ඉඩම් මෙලෙස ආයෝජකයින්ට වෙත ලබාදෙන බවයි.
පසුගිය දෙසැම්බර් මාසයේදී රඹකැන්ඔයේ දකුණු මායිම් ජල පෝෂක ප්‍රදේශය හෙළි පෙහෙළි කිරීම ආරම්භ කෙරුණු අතර ඊට දැඩි ජනතා විරෝධයක් එල්ල විය.
https://www.youtube.com/watch?v=2Y9B4hdDtls&feature=youtu.be