මහනුවරදී අල්ලා ගත් හොර VOG දොස්තර රිමාන්ඩ්..

by Chathuranga Rajapaksha 23-02-2021 | 8:29 PM
COLOMBO (News 1st): ප්‍රසව හා නාරිවේද(VOG) වෛද්‍යවරියක ලෙස පෙනී සිටි, මහනුවරදී අත්අඩංගුවට ගත් කාන්තාව ලබන මාර්තු 10වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය. ඒ, ඇය අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එම කාන්තාවගෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් දැනුවත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහිදී පොලීසියට නියෝග කර තිබේ. 47 හැවිරිදි වියේ පසුවන එම කාන්තාව මහනුවර පොලීසිය විසින් ඊයේ(22) අත්අඩංගුවට ගනු ලැබිණි. ඇය, මහනුවර ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කළ ලියාපදිංචි අංකය භාවිත කරමින් ප්‍රතිකාර මධ්‍යස්ථාන 3ක් පවත්වාගෙන ගොස් තිබේ. ඒ, මීගමුව, මිනුවන්ගොඩ සහ නැදගමුව යන ප්‍රදේශවලයි එම ව්‍යාජ වෛද්‍යවරිය විසින් භාවිත කළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකයේ සැබෑ හිමිකරු වන මහනුවර ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍ය හිරෝෂනී කෞෂල්‍යා හෙට්ටිආරච්චි මහත්මිය විසින් පසුගියදා මහනුවර පොලීසියට කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශන වලින් පසු ඇය පොලිස් අත්අඩංගුවට පත් විය. පොලීසිය පැවසුවේ රක්ෂිත බන්ධාගාරගත කළ එම කාන්තාව මහනුවර, මැදගම, කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවය.

▶️ හොර දොස්තර අල්ලා ගත් රහසිගත මෙහෙයුම -

https://youtu.be/hVtMuF3PJrE