පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් දිවයිනට

පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් දිවයිනට

by Staff writer 23-02-2021 | 4:11 PM

COLOMBO (News 1st) - පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මීට ටික වේලාවකට පෙර දිවයිනට ළඟා විය.

ඒ, දෙදින නිල සංචාරයක් සඳහායි. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි. එහිදී පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙත හමුදා උත්තමාචාර පිරිනැමීම ද සිදු විය. සිය සංචාරය අතරතුර පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙළෙඳ සහ ආයෝජන, සෞඛ්‍ය සහ අධ්‍යාපන, කෘෂිකාර්මික විද්‍යා හා තාක්ෂණ, ආරක්ෂාව, සංචාරක ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. එසේම අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතව තිබේ. https://youtu.be/IVaISjvlFKc