by Staff writer 23-02-2021 | 10:22 PM
COLOMBO (News 1st) - චීන - පකිස්ථාන ආර්ථික කොරිඩෝව (CPEC) හරහා මධ්‍යම ආසියාව සමග ශ්‍රී ලංකාවේ සම්බන්ධතාවය ශක්තිමත් කිරීම අරමුණක් බව පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති ද්වීපාර්ශවික සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
මේ අතර නියෝජිත ආයතන අතර තොරතුරු හුවමාරුව තුළින් අවි ආයුධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීමට ශ්‍රී ලංකා හා පකිස්ථාන අග්‍රාමාත්‍යවරුන් අතර එකඟතාවක් ද පල කර තිබේ.
පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සිය දෙදින නිල සංචාරය ආරම්භ කරමින් අද සවස දිවයිනට පැමිණියේය.