උපුල් තරංග ජාත්‍යන්තර පිටියට සමුදෙයි

උපුල් තරංග ජාත්‍යන්තර පිටියට සමුදෙයි

by Staff writer 23-02-2021 | 3:18 PM

COLOMBO (News 1st) - 15 වසරක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට ටෙස්ට් ක්‍රීඩක උපුල් තරංග තීරණය කර ඇත.

නිවේදනයක් යොමු කරමින් තරංග පවසන්නේ, ඕනෑම හොඳ දේකට අවසානයක් තිබිය යුතු බවයි. 2005 වසරේ දී 20 හැවිරිදි වියේදී ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ඇරඹූ උපුල් තරංග ජාත්‍යන්තර එක්දින තරග 235 ක දී ලකුණු 6951 ක් රැස්කරගෙන ඇති අතර ඊට ශතක 15 ක් හා ආර්ධ ශතක 37 ක් ඇතුළත් විය. ඉන්දියාවට එරෙහිව 2005 වසරේ දී ටෙස්ට් වරම් හිමිකරගත් තරංග තරග 31 ක දී ලකුණු 1754 රැස්කර ඇත. තරංග ටෙස්ට් ශතක 3 ක් හා ටෙස්ට් අර්ධ ශතක 8 ක් වාර්තා කිරීමට සමත් ව ඇත.
My Dear Friends, As the good old saying goes "All good things must come to an end", I believe it is time for me to bid farewell to my International Cricket Career after over 15 years of giving the game my all. I leave behind a road traveled with fond memories and great friendships. I am thankful to Sri Lanka Cricket for always having faith and the trust vested in me. I am grateful to the many Cricket Loving Fans, friends And my family for standing by me during my highest of highs and even at my lowest points in my career. Your well-wishes and messages of encouragement was easily the drive behind my ambition. For that I thank you all, and I wish you well. I would like to wish Sri Lanka Cricket all the very best for the future and I am hopeful that the team will bounce back strong soon. Thank you all!??