ඉම්රාන්  රැගත් යානයට ඉන්දීය ගුවනින් ඒමට අවසර

පාකිස්තාන අගමැති රැගත් යානයට ඉන්දීය ගුවන හරහා පියාසර කිරීමට අවසර

by Staff writer 23-02-2021 | 10:14 AM
COLOMBO (News 1st) : පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. විදෙස් වාර්තා අනාවරණ කළේ, ඔහු රැගත් යානනයට ඉන්දීය ගුවන් අවකාශය හරහා පියාසර කිරීමට අවසර ලබා දුන් බවයි. පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සිය සංචාරය අතරතුරදී වෙළඳ සහ ආයෝජන, සෞඛ්‍ය සහ අධ්‍යාපන, කෘෂිකාර්මික විද්‍යා හා තාක්ෂණ, ආරක්ෂාව, සංචාරක ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිත වේ. එසේම අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතව තිබේ.