දුම්රිය සේවක වර්ජනය තාවකාලිකව නවතී

by Staff writer 23-02-2021 | 6:56 AM

Colombo (news 1st) -  දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා තිබේ.

දුම්රිය එන්ජින් රියදුරන්, නියාමකයින් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව එම වර්ජනයට සහය දක්වා තිබුණි. ඔවුන් මේ වර්ජනයේ නිරත වීමට නියමිතව තිබුනේ ඉන්දීය ණය වැඩසටහන යටතේ මහව සිට ඕමන්තේ දක්වා මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සහ චීන සමාගමක් මගින් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ සූදානමට විරෝධය පල කරමිනි.