COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ මෙරටින් කොරෝනා මරණ 10ක් වාර්තා වීමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 445ක් දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව වෛරසය ආසාදිතව මිය ගිය 10 දෙනා ම වයස අවුරුදු 50 ඉක්මවූ පුද්ගලයින් ය.
එම මරණ වාර්තාවී ඇත්තේ, කොළොන්නාව, වැල්ලවත්ත, කළුතර, වස්කඩුව, බිබිල ගුරුතලාව, පිටකෝට්ටේ, කුඩාගල්ගමුව, රත්මලාන සහ හැටන් යන ප්‍රදේශවලිනි.
ජීවිතක්ෂයට පත්වූවන් අතරින් 7 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි තිදෙනා කාන්තාවන් ය.
මෙම මරණ 10 න් නිවෙස්වලදී සිදුව ඇති මරණ සංඛ්‍යාව 2කි.
පසුගිය 16 වන දා කළුතර පදිංචි 58 හැවිරිදි කාන්තාවක නිවසේදී මිය ගොස් ඇති අතර මරණයට හේතුව ලෙස සටහන් වී ඇත්තේ, කොවිඩි ආසාදනය වීම සමග ලේ විෂවීම, හෘද රෝගී තත්ත්වය හා උග්‍ර දියවැඩියාවයි.
නිවසේදී මිය ගොස් ඇති අනෙක් කාන්තා මරණය ද වාර්තාවී ඇත්තේ, පසුගිය 16 වනදා වන අතර ඇය වස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.
72 හැවිරිදි ඇයගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ, කොවිඩ් ආසාදනය සමග ලේ විෂවීම සහ අධිරුධිර පීඩනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකි.
