by Sagarika Chathumali 22-02-2021 | 3:44 PM
COLOMBO (News 1st) : මාර්තු පළමු වැනිදා ආරම්භ වන අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මාසයේදී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය, ජී. එල්. පීරිස් මහතා පවසයි.
අද පැවති ප්‍රවෘති සාකච්ඡාවකදී අධ්‍යාපන ආමත්‍යවරයා පැවසුවේ, ජුනි මාසයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ජූලි මාසයේදී උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් 6 22,305 දෙනෙකු පෙනී සිටින අතර මධ්‍යස්ථාන 4513 කදී විභාගය පැවැත්වේ.
මේ අතර කෝවිඩ් ආසාදිත විභාග අපේකෂකයින් සඳහා සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි විශේෂ මධ්‍යස්ථාන 2 බැගින් ස්ථාපනය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මෙතෙක් ප්‍රවේශ පත්‍ර ලැබී නොමැති පෞද්ගලික අයදුම්කරුවන් වේ නම්, වෙබ් අඩවියට පිවිස ප්‍රවේශ පත්‍ර බාගත කර ගත හැකි බවයි.
මේ අතර නම, විෂය, මාධ්‍ය පිළිබඳ සුළු සංශෝධන සිදු කිරීමට අවශ්‍ය නම්, වෙබ් අඩවියට පිවිස එකී වෙනස්කම් ද සිදු කර ගැනීමට මෙවර විභාග අපේක්ෂකයින් සඳහා අවස්ථාව ලබා දී තිබේ.
කෝවිඩ් වසංගත තත්ත්වය නිසා කල් දැමුණු අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාය මාර්තු 1 සිට 10 දක්වා පැවත්වීමට නියමිත ය.