ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මහනුවර MOH කලාපයෙන්...

by Sagarika Chathumali 22-02-2021 | 9:58 AM

COLOMBO (News 1st) : අද (22) දින උදෑසන වනවිට මෙරටින් කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් 519 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අතරින් එක් පුද්ගලයෙකු පමණක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි ලාංකිකයින් අතරින් හඳුනාගෙන ඇති අතර ඉතිරි සියලු ම ආාසදිතයින් වාර්තාවී ඇත්තේ, දේශීයවයි. දේශීයව හඳුනාගත් එම සියලු ආසාදිතයින් අතරින් වැඩිම පිරිස හඳුනා ගෙන ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 122 කි. ඊට අමතරව, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 85 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 64 ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් පිරිස හඳුනාගෙන ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. (ඒ ඒ දිස්ත්‍රික්කවල ආසාදිතයින් වාර්තාවූ ප්‍රදේශ ලැයිස්තුව පහතින්) මෙවන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 79999 ක් වන අතර ඊයේ දිනයේ පුද්ගලයින් 843 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව ද 74299 ක් දක්වා ඉහළ ගියේ ය. රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ, පුද්ගලයින් 5255 දෙනෙකු පමණි. ඊයේ දිනයේ ආසාදිතයින් 10 දෙනෙකු මිය යාමත් සමග කොරෝනා වැළඳී අහිමි වූ පුද්ගල ජීවිත සංඛ්‍යාව 445 ක් දක්වා ඉහළ ගියේ ය. එම මරණ වාර්තා වී ඇත්තේ, කොළොන්නාව, වැල්ලවත්ත, කළුතර, වස්කඩුව, බිබිල ගුරුතලාව, පිටකෝට්ටේ, කුඩාගල්ගමුව, රත්මලාන සහ හැටන් යන ප්‍රදේශවලිනි. ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 69 ක් තුළ පුද්ගලයින් 9,373 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනයේ මෙරටදී සිදු කර ඇති PCR පරික්‍ෂණ සංඛ්‍යාව 12,936 කි.