COLOMBO (News 1st) : ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක් මහනුවර පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය, මහනුවර ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කළ ලියාපදිංචි අංකය භාවිත කරමින් ප්‍රතිකාර මධ්‍යස්ථාන 3ක් පවත්වාගෙන ගොස් ඇත.
ඒ අනුව, එම කාන්තාව මීගමුව, මිනුවන්ගොඩ සහ නැදගමුව යන ප්‍රදේශවල ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබයි.
මෙහි තවත් තොරතුරු සොයා ගැනීමේ අරමුණින් නිව්ස්ෆස්ට් අප උපාය දූතයෙකු යොදවා එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඇති අංකයට දුරකතන ඇමතුමක් ලබා දුන්නේය.
ඒ අනුව එම ව්‍යාජ වෛද්‍යවරිය විසින් භාවිත කළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකයේ සැබෑ හිමිකරු වන මහනුවර ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍ය හිරෝෂනී කෞෂල්‍යා හෙට්ටිආරච්චි මහත්මිය විසින් පසුගියදා මහනුවර පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ.
එම ලියාපදිංචි අංකය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිල වෙබ් අඩවිය හරහා සෙවූ විට වෛද්‍ය හිරෝෂනී කෞෂල්‍යා හෙට්ටිආරච්චි මහත්මියගේ නිල තොරතුරු අපට දැකගත හැකිවිය.
ඒ අනුව වෛද්‍යවරියක ලෙස පෙනී සිටි එච්.කේ.අයි. හෙට්ටිආරච්චි නම් වූ කාන්තාවට අද දිනයේ මහනුවර පොලීසිය ඉදිරියේ පෙනී සිටින්නැයි කළ දැනුම් දීමකට අනුව ඇය පැමිණ තිබේ.
එහිදී මහනුවර පොලීසිය විසින් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
මහනුවර ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ වෛද්‍ය හිරෝෂනී කෞෂල්‍යා හෙට්ටිආරච්චි මහත්මිය
''පෙබරවාරි 17 විසිටින් කාඩ් එකක් මාර්ගයෙන් මට දැනගන්න ලැබුනා. මගේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය සහ මගේ නම පාවිච්චි කරමින් තැනැත්තියක් ෆැමිලි කෙයා මෙඩිකල් සෙන්ටර් නමින් තමන්ගේ ප්‍රයිවට් පැක්ටිස් එකක් පවත්වාගෙන යනවා කියලා. ඊට පස්සේ මම ගුගල් සර්ච් සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විමර්ශන කරලා සියලුම සාක්ෂි සමග පෙබරවාරි 18 ට පොලිසියට ඇවිල්ලා පැමිණිලක් කළා''
මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා
''විශේෂයෙන්ම ජනමාධ්‍යයෙනුත් ඉල්ලා සිටින්නේ මේ වගේ රැවටිලි ගොඩක් සිද්ධ වෙනවා ලංකාවේ ඒ රැවටිලි වලක්වන්න. රැවටිලි කාරයන්ගෙන් ජනතාව මුදවා ගැනීම සදහා ජනතාව දැනුවත් කරන්න කියල මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා''
පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් කාන්තාව 47 වන වියේ පසුවන මහනුවර, මැදගම, කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි.
සැකකාරිය හෙට(23) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.