කැස්බෑ පැටවුන් 78 ක් මහ සයුරට මුදාහැරේ (ඡායාරූප)

නාවික හමුදාව කැස්බෑ පැටවුන් 78 ක් සයුරට මුදාහරී (ඡායාරූප)

by Sagarika Chathumali 22-02-2021 | 9:17 AM

COLOMBO (News 1st) : නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ පානම කැස්බෑ සංරක්‍ෂණ ඒකකය හා තොරතුරු මධ්‍යස්ථානය එක්ව ඊයේ දිනයේ කැස්බෑ පැටවුන් 78 දෙනෙකු සයුරට මුදා හැර තිබේ.

නාවික හමුදාව කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්‌නේ, වඳවී යාමේ තර්ජනයට ලක් වී සිටින කැස්බෑවුන් සංරක්‍ෂණය කර සාගර පරිසර ප්තියේ ‍ජෛව විවිධත්වය ආරක්‍ෂා කිරීම අරමුණු කර ගනිමිනි. කැස්බෑ පැටවුන් 78 දෙනා සාගරයට මුදා හැරීම සිදු කර ඇත්තේ, ගිණිකොන නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු නෙවිල්ලේ උභයසිරිගේ අධීක්‍ෂණය යටතේ ය.