දුම්රිය සේවකයින් වැඩවර්ජනයකට සැරසෙයි..

දුම්රිය සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයකට සැරසෙයි..

by Staff writer 22-02-2021 | 2:54 PM

COLOMBO (News 1st) : දුම්රිය එන්ජින් රියැදුරු , නියාමක ඇතුළු වෘත්තීය සමිති කිහිපයක සේවකයින් අද (22) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජයක් ආරම්භ කිරීමට සූදානම් බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ, ඉන්දීය ණය වැඩසටහන යටතේ මහව සහ ඕමන්තේ අතර ක්‍රියාත්මක කිරීමට නියමිත දුම්රිය මාර්ග ව්‍යාපෘතියට විරෝධය පළකරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි.