ගොවීන්ට අනතුරු ඇඟවීමක්..

by Staff writer 22-02-2021 | 7:37 AM

COLOMBO (News 1st) - සහතික මිල යටතේ රජයට වී ලබා නොදෙන ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබා නොදීමට තීරණය කර ඇතැයි වී අලෙවි මණ්ඩලය පවසයි.

එහි උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේ එවැනි ගොවීන් සඳහා කෘෂි රක්ෂණ ආවරණය ලබා නොදීමට ද පියවර ගන්නා බවයි.