
චමින්ද වාස් කොදෙව් සංචාරයෙන් ඉවත් වෙයි..
චමින්ද වාස් කොදෙව් සංචාරයෙන් ඉවත් වෙයි..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) : එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරග සංචාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරු ලෙස පත් කළ චමින්ද වාස් එම තරග සංචාරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ පන්දු යැවීමේ උපදේශක චමින්ද වාස් මහතා මාර්තු 26 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රියේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පිටත්ව යෑමට නියමිතව තිබියදී ඔහු එම තීරණය ගෙන ඇති බවට අදාළ නිවේදනයේ දැක්වේ.
මුළු මහත් ලෝකයම මූල්‍යමය වශයෙන් අපහසුතාවයන්ට මුහුණපා සිටින අවස්ථාවක තමන්ගේ පෞද්ගලික මූල්‍ය වාසි මත පදනම්ව මෙවැනි වගකීම් විරහිත සහ හදිසි තීරණයක් ගැනීම පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තම කණස්සල්ල පළ කර තිබේ.
එමෙන්ම එම ආයතනය පවසන්නේ, වාස් මහතා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කළ සේවය අගය කරන බවයි.
බටහිර ඉන්දීය කොදෙව් සංචාරය වෙනුවෙන් ක්‍රිකට් ආයතනය එකඟ වූ මුදලට වඩා වැඩි මුදලක් ඉල්ලා සිටීම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනයේ සඳහන්.
එසේම ඔහුට ලබා දීමට එකඟ වූ මුදලට සංචාරය වෙනුවෙන් ලැබෙන දීමනා ඇතුලත් නොවන බවද නිවේදනයේ දැක්වේ.
කොදෙව් සංචාරය වෙනුවෙන් එකඟ වී තිබූ මුදල චමින්ද වාස්ගේ අත්දැකීම් පිළිබඳව සලකා බලා තීරණය වූ මුදලක් බවද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් තොරතුරු ඇතුළත්.
මේ අතර තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉතාම බැගෑපත්ව කළ ඉල්ලීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළ බවට චමින්ද වාස් මහතා ට්විටර් සටහනක් තබමින් සදහන් කරයි.
එහි වැඩි දුරටත් දැක්වෙන්නේ, කෙදිනක හෝ යුක්තිය සහ සාධාරණය ජයගනු ඇති බවයි.
.
- මුතුරාජවෙල ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට විරුද්ධයි- කාදිනල් හිමිපාණන්
- ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා 23 ක් මෙරටට..
- ඉන්දු – ශ්‍රී ලංකා මගී නැව් සේවයකට ගිවිසුම් අත්සන් කෙරේ..
- හම්බන්තොට වරායේ නැව් සඳහා චීනය තෙල් තොග සැපයුම අරඹයි..
- ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ නිකලොස් සාර්කෝසිට වසර 3ක සිර දඬුවමක්
- තවත් කොරෝනා මරණ 05ක්..
- පැය 24 පුරා ක්‍රියාත්මක ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍ර ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ ලේකම් කාර්යාලයක් පිහිටුවයි
- පාස්කු ප්‍රහාරය: ජනාධිපති කොමිසමේ වාර්තාව කාදිනල් හිමිපාණන්ට
- නීතී ශිෂ්‍යයෙකුට පොලීසියේදී පහර දීම: විමර්ශන කටයුතු වෙනම ඒකකයකට දෙන්නැයි නියෝග..
- ශානි ගොනු කළ ප්රතිශෝධන අයැදුම්පත සලකා බැලීම ලබන 17 වැනිදා