
අනතුරු ඇඟවීම් නොතකා මියන්මාර වැසියෝ දස දහස් ගණනින් වීථි බසිති
අනතුරු ඇඟවීම් නොතකා මියන්මාර වැසියෝ දස දහස් ගණනින් වීථි බසිති
කර්තෘ Sagarika Chathumali
COLOMBO (News1st) : හමුදා කුමන්ත්රණයකින් බලය අල්ලා ගත් හමුදා පාලකයින්ට එරෙහිව මියන්මාර වැසියෝ දස දහස් ගණනක් අදත් වීථි බැස විරෝධතාවල නිරතව සිටිති.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කඩ සාප්පු ඇතුළු ව්‍යාපාරික ස්ථාන සියල්ලක්ම පාහේ වසා දමා හිමිකරුවන් මෙන්ම සේවකයින් ද විරෝධාතාවලට එක්ව සිටින බවයි.
මෙලෙස දැවන්නත විරෝධතාවක් සංවිධානය වන්නේ, මියන්මාර හමුදා පලකයින් ජීවිත අහිමි කරගැනීමේ මාවතකට යමින් සිටින බවට විරෝධාතාකරුවන්ට අනතුරු ඇඟවිමක් නිකුත් කර තිබූ පසුබිමකදී ය.
හමුදා පාලකයින් මෙම අනතුරු ඇඟවීම සිදු කරන්නේ, සති දෙකකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක පුද්ගල ජිවිත 2ක් බිලිගැනුණු හමුදා විරෝධි විරෝධතාවල දරුණුම අවස්ථාව පසුගිය ඉරිදා වාර්තා වීමත් සමගයි.
මේ අතර බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය ඩොමිනික් රාබ් අවධාරණය කර සිටින්නේ, ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නායිකා අවුන් සාන් සුචි වහාම නිදහස් කළ යුතු බවටයි.
සාමකාමී උද්ඝෝෂණයට පහර දීම සීමාවන් ඉක්මවා යාමක් ලෙස හඳුන්වන විදේශ ආමාත්‍යවරයා බල කර සිටින්නේ, ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියට ගරු කරමින් මියන්මාර හමුදා පාලකයින් පසෙකට විය යුතු බවයි.
පෙබරවාරි 1 වනදා නායිකා අවුන් සාන් සුචි අත්අඩංගුවට ගෙන කුමන්ත්‍රණයක් මගින් හමුදා පාලකයින් මියන්මාර පාලන බලය සියතට ගැනීමත් සමග එරට වැසියෝ දහස් ගණනින් වීථි බැස විරෝධතාවේ නිරත වන්නට වූහ.
හමුදා නායකයින් මෙලෙස කුමණ්ත්‍රණයකින් රට අල්ලා ගත්තේ, පසුගිය වසරේ පැවති මැතිවරණයේදී ජාතික ලීගය ලද මැතිවරණය ජයග්‍රහණය වංචනික බව පවසමිනි.
අත්අඩංගුවට ගත් නායිකාව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර නීතිවිරෝධිව සන්නිවේදන උපකණ භාවිත කිරීම සහ ස්වාභාවික ආපදා නීතිය කඩ කිරීම ඇයට එරෙහිව එල්ල වී ඇති චෝදනාවන් ය.
- මුතුරාජවෙල ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට විරුද්ධයි- කාදිනල් හිමිපාණන්
- ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා 23 ක් මෙරටට..
- ඉන්දු – ශ්‍රී ලංකා මගී නැව් සේවයකට ගිවිසුම් අත්සන් කෙරේ..
- හම්බන්තොට වරායේ නැව් සඳහා චීනය තෙල් තොග සැපයුම අරඹයි..
- ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ නිකලොස් සාර්කෝසිට වසර 3ක සිර දඬුවමක්
- තවත් කොරෝනා මරණ 05ක්..
- පැය 24 පුරා ක්‍රියාත්මක ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍ර ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ ලේකම් කාර්යාලයක් පිහිටුවයි
- පාස්කු ප්‍රහාරය: ජනාධිපති කොමිසමේ වාර්තාව කාදිනල් හිමිපාණන්ට
- නීතී ශිෂ්‍යයෙකුට පොලීසියේදී පහර දීම: විමර්ශන කටයුතු වෙනම ඒකකයකට දෙන්නැයි නියෝග..
- ශානි ගොනු කළ ප්රතිශෝධන අයැදුම්පත සලකා බැලීම ලබන 17 වැනිදා