2020 සා/පෙළ සිසුන්ට විශේෂ පහසුකමක්..

2020 සා/පෙළ සිසුන්ට විශේෂ පහසුකමක්..

by Staff writer 21-02-2021 | 7:16 AM

COLOMBO (News 1st) – 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන් වෙනුවෙන් මෙවර විශේෂ පහසුකමක් සලසා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ , ඒ අනුව විභාග ප්‍රවේශ පත්‍රයේ පවතින අඩුපාඩු https://www.doenets.lk/ වෙබ් අඩවියට පිවිස සංශෝධනය කර ගැනීමේ අවස්ථාව සලසාදී ඇති බවයි. පාසල් අයැදුම්කරුවන් විදුහල්පතිතුමා මගින්ද, පෞද්ගලික අයැදුම්කරුවන් තමන් විසින්ම ද සතියක් තුළදී එම සංශෝධනය සිදු කළ යුතුව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.