බන්ධනාගාර ආශ්‍රිතව තවත් ආසාදිතයින් 16ක්

බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් ගණන 4747ක් දක්වා ඉහළට..

by Staff writer 21-02-2021 | 5:03 PM

COLOMBO (News 1st) - බන්ධනාගාර ආශ්‍රිතව තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු වාර්තා වී තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔවුන් සියලුදෙනා නේවාසික සිරකරුවන් බවයි. ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 4747 කි. ඉන් වැඩි පිරිසක් වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වේ. එම සංඛ්‍යාව 907 කි . බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයින් 4613 දෙනෙකු මේ වනවිට සුවය ලබා තිබේ.