පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි..

පළාත් කිහිපයකට අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි..

by Staff writer 21-02-2021 | 4:48 PM

COLOMBO (News 1st) - බස්නාහිර සහ සබරගමුව පළාත්වලට අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ද එම කාල සීමාව තුළ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලට මෙන්ම මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලටද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.