by Staff writer 21-02-2021 | 9:52 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් වීමට නියමිත පසුබිමක ශ්‍රී ලංකාවේ විදේශ සම්බන්ධතා ද සංවාදයට ලක්වී තිබේ.
ආසියානු කලාපීය මිතුරෙකු මෙන්ම බලවතෙකු ද වන පකිස්ථානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා එලැඹෙන 23 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබෙන්නේ එවැනි පසුබිමකයි.
ඒ, දෙදින නිල සංචාරයක් සඳහායි.
සිය සංචාරය අතරතුර පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙළඳ සහ ආයෝජන, සෞඛ්‍ය සහ අධ්‍යාපන, කෘෂිකාර්මික විද්‍යා හා තාක්ෂණ, ආරක්ෂාව, සංචාරක ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
ඔහු අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත බව ද සඳහන් වේ.
පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබුණත් පසුව එය අවලංගු කෙරිණි.