උස පැනීම ගෘහස්ථ අංශයේ නව ශ්‍රී ලංකා වාර්තාවක්

උෂාන් තිවංකගෙන් උස පැනීම ගෘහස්ථ අංශයේ නව ශ්‍රී ලංකා වාර්තාවක්

by Staff writer 21-02-2021 | 4:27 PM
COLOMBO (News 1st) - උෂාන් තිවංක අමෙරිකාවේ පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී උස පැනීම ගෘහස්ථ අංශයේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ, මීටර 2යි දශම 2යි 5ක දක්ෂතාවක් දක්වමිනි. එම ඉසව්වේ ප්‍රථම ස්ථානය ද උෂාන් ට හිමි විය. ඒ අනුව ඔහු බිඳ දැමුවේ 2015 වසරේදී මංජුල කුමාර පිහිටුවා තිබූ වාර්තාවයි. කටාර්හි දෝහා නුවර පැවැති ගෘහස්ථ මලල ක්‍රීඩා තරගයකදී මංජුල කුමාර මීටර 2යි දශම 2යි 4ක දක්ෂතාවක් දක්වා තිබුණි.