ඉන්දියාව සහ මාලදිවයින අතර ආරක්ෂක ගිවිසුමක්

ඉන්දියාව සහ මාලදිවයින අතර ඩොලර් මිලියන 50ක ආරක්ෂක ගිවිසුමක්..

by Staff writer 21-02-2021 | 10:20 PM

COLOMBO (News 1st) - ඉන්දියාව කලාපීය බලය තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවධානය යොමුවන තවත් පුවතක් අද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දියාව සහ මාලදිවයින, ඩොලර් මිලියන 50ක ආරක්ෂක ගිවිසුමකට එළඹ තිබේ. ඊට අත්සන් තබා ඇත්තේ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් සහ මාලදිවයින් ආරක්ෂක අමාත්‍ය මාරියා ඩිඩී විසිනි. ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මාලදිවයින් සංචාරය අතරතුර එම ගිවිසුමට අත්සන් කර ඇත. ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත්තේ මාලදිවයින හැම විටම ඉන්දියාවේ විශ්වසනීය හවුල්කරුවෙකු බවයි.