අමෙරිකාවේ මගී ගුවන් යානයක් උඩු ගුවනේදී ගිනි ගනී..

අමෙරිකාවේ මගී ගුවන් යානයක් උඩු ගුවනේදී ගිනි ගනී..

by Staff writer 21-02-2021 | 10:55 PM

COLOMBO (News 1st) - අමෙරිකාවේ, ඩෙන්වර් ආශ්‍රිත ප්‍රදේශයේදී මගී ප්‍රවාහන ගුවන් යානයක එන්ජිමේ ගින්නක් ඇති විය.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, බෝයිං 777 වර්ගයේ මෙම යානය ගුවන්ගත කර විනාඩි කිහිපයකට පසු විශාල ශබ්දයක් සමග ගින්න හටගෙන තිබූ බවයි. යානයේ එන්ජිම මෙලෙස ගිනි ගැනීමත් සමග එහි කොටස් කිහිපයක් නිවාස මතට පතිත විය. එන්ජිම ගිනි ගන්නා අවස්ථාවේ මගීන් 231 දෙනෙකු යානයේ සිටි බව සඳහන් වේ. කෙසේ වෙතත් එය ආරක්ෂිතව ගුවන් තොටුපොළට ගොඩබැස්සවීමට නියමුවාට හැකි වූ අතර, මගීන් එහිදී ප්‍රීතිඝෝෂා කළේය.