
මිනිසාට බලපෑම් කරන තවත් වෛරසයක් රුසියාවෙන්..
මිනිසාට බලපෑම් කරන තවත් වෛරසයක් රුසියාවෙන්..
කර්තෘ Chathurika Jayasundara
COLOMBO (News 1st) – නව කුරුළු උණ වෛරසයක් රුසියාවෙන් හමුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
H5N8 නම් මෙම වෛරසය පළමුවරට රුසියාවෙන් වාර්තා වී තිබෙන අතර අනතුරුව ඔවුන් එය ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) දැනුම් දී තිබේ.
ඉතා මෑත කාලයකදී රුසියාව, යුරෝපය, චීනය, මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව යන රටවල්හි H5N8 වෛරසය පිළිබඳව වාර්තා වී තිබුණි .
නමුත් එම වෛසරය මිනිසුන්ට ආසාදනය වූ පළමු අවස්ථාව මෙය බව රුසියානු සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ වනවිට රුසියාවේ කුකුළු කම්හලක කම්කරුවන් 7 දෙනෙකුට H5N8 වෛසරය ආසාදනය වී ඇති බවයි .
වෛරසය ආසාදනය වූ පුද්ගයින් හත් දෙනා මේ වන විට සුවය ලබමින් සිටි අතර වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විධිමත් පියවර ගෙන ඇති බව රුසියාව පවසයි.
නිසි ලෙස පිසින ලද මස් ආශ්රිත ආහාර ආරක්ෂිත යැයි සැලකුව ද කුකුළු මස් ආශ්රිත නිෂ්පාදන සම්බන්ධව මේ වනවිට අනාරක්ෂිත බවක් මතුව තිබේ.
මක් නිසාද මෙම වෛරසය බහුතරයක් ව්‍යාප්ත වන්නේ, වන පක්ෂීන් සංක්‍රමණය කිරීමෙන් වන අතර කුකුළු මස් ආශ්රිත නිෂ්පාදන රටවල් තම කුකුළු පැටවුන් ගෘහස්ථව තබා ගැනීමට හෝ වෙනත් සතුන් සමග සම්බන්ධ වීමෙන් තොරව ආරක්ෂා කර ගැනීම සුදුසු බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි .
සයිබීරියාවේ Vector Institute පැවසුවේ , H5N8 වෛරසය එරෙහිව එන්නතක් නිපදවීම ආරම්භ කරන බවය.
- මුතුරාජවෙල ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට විරුද්ධයි- කාදිනල් හිමිපාණන්
- ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා 23 ක් මෙරටට..
- ඉන්දු – ශ්‍රී ලංකා මගී නැව් සේවයකට ගිවිසුම් අත්සන් කෙරේ..
- හම්බන්තොට වරායේ නැව් සඳහා චීනය තෙල් තොග සැපයුම අරඹයි..
- ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ නිකලොස් සාර්කෝසිට වසර 3ක සිර දඬුවමක්
- තවත් කොරෝනා මරණ 05ක්..
- පැය 24 පුරා ක්‍රියාත්මක ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍ර ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ ලේකම් කාර්යාලයක් පිහිටුවයි
- පාස්කු ප්‍රහාරය: ජනාධිපති කොමිසමේ වාර්තාව කාදිනල් හිමිපාණන්ට
- නීතී ශිෂ්‍යයෙකුට පොලීසියේදී පහර දීම: විමර්ශන කටයුතු වෙනම ඒකකයකට දෙන්නැයි නියෝග..
- ශානි ගොනු කළ ප්රතිශෝධන අයැදුම්පත සලකා බැලීම ලබන 17 වැනිදා