හැරී - මේගන් නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවතට..

හැරී - මේගන් නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවතට..

by Janitha Mendis 20-02-2021 | 8:27 PM

COLOMBO (News 1st) –  බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවත් වී ඇති බව බකිංහැම් මාළිගය නිවේදනය කළේ ය.

හැරී කුමරු සිය ගෞරවනීය හමුදා නාමය ද ඉවත් කර ඇති බවත් බකිංහැම් මාළිගය වැඩිදුරටත් සඳහන් කරයි. ඒ, ඔවුන් සිය රාජකීය නම්බුනාම සහ නිලතලවලින් නිල වශයෙන් ඉවත් වී වසරකට පසුව වීම විශේෂත්වයකි. මීට වසරකට පෙර ඔවුන් සිය රාජකීය නම්බුනාම සහ නිලතල නිල වශයෙන් අතහැර දැමූ අවස්ථාවේ එම තීරණය වෙනස් කිරීමට එකඟ වී තිබේ. නමුත් ඊයේ (19) බකිංහැම් මාළිගය නිවේදනය කළේ හැරී කුමරු සහ මේගන් කුමරිය නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවත් වූ බවයි. මේ නිසා හැරී හා මේගන්ට සිට තනතුරු හා නම්බුනාම අහිමි වේ . හැරී කුමරු ඉන්වික්ටස් ක්‍රීඩා පදනමේ (The Invictus Games Foundation ) අනුග්‍රාහකයා ලෙස තවදුරටත් කටයුතු කරන නමුත් එහෙත් ඔහුට රග්බි පාපන්දු සංගමය (Rugby Football Union), රග්බි පාපන්දු ලීගය (Rugby Football League) සහ ලන්ඩන් මැරතන් පුණ්‍යායතනයේ (London Marathon Charitable )අනුග්‍රාහක තනතුරු අහිමි වෙයි. මේගන් කුමරියට බ්‍රිතාන්‍යයේ ජාතික රඟහලේ (Britain’s National Theatre) සහ පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමයේ (Association of Commonwealth Universities ) අනුග්‍රාහක ලෙස ඇති ඇයගේ භූමිකාව ඉවත් කෙරෙනු ඇති. 2020 මුල් භාගයේදී මේගන් සහ හැරී සිය ජ්‍යෙෂ්ඨ රාජකීයත්වයෙන් නිල වශයෙන් ඉවත් වූ අතර වත්මනෙහි කැලිෆෝනියාහි ජීවත් වේ. ඔවුහු මේ වනවිට සිය දෙවන දරුවා අපේක්ෂාවෙන් සිටිති. කෙසේ නමුත් ඔවුන් යළි රාජකීය පවුලේ සාමාජිකයන් ලෙස නොඑන බව බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණ තහවුරු කර ඇතැයි බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.