by Staff writer 20-02-2021 | 3:38 PM
COLOMBO (News 1st) – බලංගොඩ ප්‍රදේශයේ ගල් වැඩපොළකදී ටිපර් රථයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, බලංගොඩ, පින්නවල පදිංචි 50 හැවිරිදි පුද්ගලයකු එලෙස මියගිය බවයි.
ටිපර් රථයට ගල් පටවන අතරතුර රියැදුරු රථයෙන් බැස පිටුපසට ගොස් ඇති අතර ටිපර් රථය පසුපසට ධාවන වීමෙන් අනතුර සිදුව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.