මහහෙට්ටියාවට ගම්මැද්දෙන් පිරිසිදු පානීය ජලය..

කිවුල් වතුර බිව්ව යුගය නිමා කරමින්, මහහෙට්ටියාවට ගම්මැද්දෙන් පිරිසිදු පානීය ජලය..

by Staff writer 20-02-2021 | 9:31 PM

COLOMBO (News 1st) – අනුරාධපුර, මහහෙට්ටියාව යනු සංවර්ධනයේ හෙවනැල්ලක්වත් නොවැටුණු ගම්මානයකි.

ඔවුන් දුක උරුම කරගත් මිනිස්සු ය. කිවුල් වතුර මිසක බොන්න පිරිසිදු වතුර නැතුව දුක් විඳින පවුල් සීයකට අධික ජනතාවක් මෙහි වාසය කරයි. ගමට ඇත්තේ එකම එක නළ ළිඳකි. ගමේ වැඩි දෙනෙක් වකුගඩු රෝගීන් ය. ඔවුන්ට අද සිට පිරිසිදු පිරිපහදු පානීය ජල හිමිකම ලැබේ. 2021 වසරේ 14 වන ගම්මැද්ද ව්‍යාපෘතිය මෙලෙස ජනතා අයිතියට පත් වූ වගයි .