දිළිඳු රටවලට කොරෝනා එන්නත් බෙදා හැරීමට G7 නායකයින්ගෙන් ඩොලර් බිලියන 7ක අරමුදලක්

දිළිඳු රටවලට කොරෝනා එන්නත් බෙදා හැරීමට G7 නායකයින්ගෙන් ඩොලර් බිලියන 7ක අරමුදලක්

දිළිඳු රටවලට කොරෝනා එන්නත් බෙදා හැරීමට G7 නායකයින්ගෙන් ඩොලර් බිලියන 7ක අරමුදලක්

කර්තෘ Staff writer

20 Feb, 2021 | 8:03 am

News 1st – කොරෝනා මර්දන එන්නත ලොව පුරා බෙදා හැරීමට ඒකරාශී වන බවට G7 නායකයින් ප්‍රතිඥා දී තිබේ.

G7 සමුළුවේ ප්‍රධාන සැසිය අවසානයේ ඒකාබද්ධ නිවේනයක් නිකුත් කරමින් ලෝක බලවතුන් ප්‍රකාශ කළේ, ඩොලර් බිලියන 7.5 ක අරමුදලක් ඒ වෙනුවෙන් පිහිටුවන බවයි.

අඩු ආදායම්ලාභී රටවලට සාධාරණ අයුරින් කොරෝනා එන්නත් බෙදා හැරීම, ධනවත් රටවලට පැවරී ඇති ප්‍රධාන වගකීමක් බව ද G7 නායකයින් පෙන්වා දෙන්නේය.

අදාළ අරමුදල සඳහා ඩොලර් බිලියන 4 ක ආධාරයක් ලබා දීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පොරොන්දු විය.

ඉන්, ඩොලර් බිලියන 2 ක් මෙම වසරේදී පරිත්‍යාග කෙරෙන අතර ඉතිරි මුදල ඉදිරි වසර දෙක තුළ ලබා දීමට නියමිතය.

ජර්මනිය ඒ සඳහා වෙන් කරන මුදල ඩොලර් බිලියන 1.2 කි.

සියලු ලෝකවාසීන්ට එන්නත ලබා දෙනතුරු වසංගතය අවසන් නොවන බව ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් අවධාරණය කළේ ය.

ඉදිරි මාසවල ලොව පුරා අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සඳහා අවම වශයෙන් එන්නත් මාත්‍රා බිලියන 1.3 ක් ලබාදීම කොවැක්ස් යෝජනා ක්‍රමයේ අරමුණයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ට්‍රෙඩ්රෝස් ඇඩ්නම්ස් සඳහන් කළේ, ලොව පුරා එන්නත් ලබා දීමේ අසමතුලිතාවට පිළියම් යෙදීම සඳහා තවත් බොහෝ දේ කළ යුතුව ඇති බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]