by Staff writer 19-02-2021 | 4:32 PM
COLOMBO (News 1st) - තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු අධිචෝදනා යටතේ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් 143 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ 17 වන විත්තිකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා නඩුවේ විත්තිකරුවෙකු ලෙස තවදුරටත් තබාගන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීමට නියමිතව ඇතැයි නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වසන්ත පෙරේරා මහතා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට අද දැනුම් දුන්නේ ය.
විත්තිකාර වසන්ත කරන්නාගොඩ මහතා නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කිරීමට එරෙහිව ඔහු විසින් ගොනුකර තිබු පෙත්සමක් මේ වනවිට අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගනිමින් පවතී.
ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ
වසන්ත පෙරේරා මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, විත්තිකරු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම තාවකාලිකව වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇති බවයි.
එම කරුණු දැක්වීම සලකා බැලු චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා හා නවරත්න මාරසිංහ යන විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩුව ලබන ජුනි 02 වැනි දා දක්වා කල් තැබීට නියෝග කර තිබේ.