කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක ජල කප්පාදුවක්

by Staff writer 19-02-2021 | 3:32 PM

COLOMBO (News 1st) - කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට හෙට(20) පෙරවරු 8.00 සිට පැය 16 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව හා රත්මලාන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතක්, ජල සැපයුම අත්හිටුවීමට හේතු වී තිබේ.