by Staff writer 19-02-2021 | 2:23 PM
COLOMBO (News 1st): මුතුරාජවෙල, කෙරවලපිටිය කසළ අංගනයේ ඊයේ පස්වරුවේ ඇති වූ ගින්න අද උදෑසන 8.00 පමණ වනවිට සම්පූර්ණයෙන්ම නිවා දැමුණි.
ගින්න හට ගත්තේ, මුතුරාජවෙල, කෙරවලපිටිය කසළ අංගනයේ අක්කර 4ක කසළ අංගනයේ ප්ලාස්ටික් හා පොලිතීන් තිබූ ස්ථානයේ ය.
ගින්න නිවීමට යුද හමුදාව, පොලිසීය හා ගිනි නිවන භටයින් අඛණ්ඩ මෙහෙයුමක නිරත විය.
තුන් පැත්තකින් ජලය ඉසීම සිදු විය.
ඊයේ පස්වරුවේ සිට කසළ කන්ද පුරා පැතිරෙමින් තිබූ ගින්න නිවා දැමීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ භට පිරිස් වහාම එම ස්ථානයට අනියුක්ත කෙරුණු අතර රාත්‍රිය පුරා ගින්න පාලනය සඳහා ගිනි නීවීම් භට පිරිස් හා යුද හමුදා සාමාජිකයින් මහත් පරිශ්‍රමයක නිරත විය.
ගින්න පැතිරීම නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට අයත් 15වන ඩ්‍රෝන යානා බලඝණය ද මෙම මෙහෙයුම සඳහා එක්ව සිටියහ.