කසළ තේ කිලෝ 10,000ක් යක්කලදී පොලිස් භාරයට

කසළ තේ කිලෝ 10,000ක් යක්කලදී පොලිස් භාරයට

by Staff writer 19-02-2021 | 3:50 PM

COLOMBO (News 1st) - කසළ තේ කිලෝග්‍රෑම් 10,000ක් සමග සැකකරුවන් දෙදෙනෙකු යක්කල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ලොරි රථ දෙකකින් එම කසළ තේ ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් භාරයට ගෙන ඇති බවයි. පොලිස් විශේෂ කාර්ය බලකාය කළ එම මෙහෙයුමේදී එම කසළ තේ තොගය ගම්පොල, විලම්බොඩ ප්‍රදේශයේ සිට ප්‍රවාහනය කර ඇතැයි හෙළි වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.