COLOMBO (News 1st) : ණය දීමේදී මෙරට බැංකු ක්‍රියා කරන ආකාරය වෙනස් නොකළ හොත් නව කර්මාන්ත බිහි නොවනු ඇති බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
''රටේ ආර්ථිකය ගොඩ ගැනීමට නම්, රටේ බැංකු හිතන විදිහ වෙනස් කරන්න ඔ්න.. ජපානය වගේ රටක අඩු පොළියට ණයක් දෙනවා. ප්‍රොපෝසල් එක බලලා, අපේ බැංකු කන්තෝරුවට වෙලා ඉන්නවා. අපේ මිනිස්සුන්ගෙ රීරි මාංසෙ හූරගෙන කන හැටි බලනවා මිසක්, දේපළ ටික පවරා ගන්න හැටි කල්පනා කරනවා මිසක්, එ මනුස්සයට උදව් කරලා නගා හිටුවලා ඒ මනුස්සය එක්ක දිග ගමනක් යන්න හිතන්නෙ නැහැ. එහෙම හිතක් තියෙන බැංකු මේ මහ පොළොවෙ නැහැ''
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඊයේ තංගල්ලේදී පැවති දකුණු පළාත් විශිෂ්ටතම ව්‍යවසායකයා - 2020 වැඩසටහනේ සහතික සහ සම්මාන ප්‍රදානෝත්සවය අමතමිනි.
හම්බන්තොට, ඉන්දියානු කන්සියුලර් ජෙනරාල් කාර්යාලය සහ දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මෙය සංවිධානය කර තිබූ අතර එහි ප්‍රධාන ආරාධිතයින් ලෙස ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ මහතා සහ ඉන්දියානු කන්සියුලර් ජනරාල් පී. ආර්. දිපින් මහතා එක්ව සිටියහ.