කොදෙව් සංචාරයේ වේග පන්දු යවන්නන්ගේ වගකීම චමින්ද වාස්ට

කොදෙව් සංචාරයේ වේග පන්දු යවන්නන්ගේ වගකීම චමින්ද වාස්ට

කොදෙව් සංචාරයේ වේග පන්දු යවන්නන්ගේ වගකීම චමින්ද වාස්ට

කර්තෘ Chathuranga Rajapaksha

19 Feb, 2021 | 1:01 pm

COLOMBO (News 1st): බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් පත් කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

චමින්ද වාස් මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතයේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලැබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 23 වැනිදා බටහිර ඉන්දිය කොදෙව් බලා පිටත්ව යෑමට නියමිතය.

ඒ අනුව තරග කාලසටහන මෙසේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය වේග පන්දු යැවීමේ පුහුණුකරු ඩේවිඩ් සේකර් ඉල්ලා අස් වීම හේතුවෙන් කොදෙව් සංචාරය සඳහා චමින්ද වාස් වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස නම් කර තිබේ.

වේග පන්දු යැවීමේ පුහුණුකරු ඩේවිඩ් සේකර් පෞද්ගලික හේතුවක් මත සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ඩේවිඩ් සේකර් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු තනතුරට පත් වූයේ 2019 වසරේ දෙසැම්බර් 8 වැනිදා ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]