හස්ත කර්මාන්තය වැඩිදියුණු කිරීමට අවධානය

හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ පහසුකම් ක්‍රමවත් කිරීමට සැලසුම්..

by Staff writer 18-02-2021 | 9:20 AM

COLOMBO (News 1st) - හස්ත කර්මාන්තය වැඩිදියුණු කිරීමට ජාතික ශිල්ප සභාවේ අවධානය යොමු වී තිබේ.

ඒ යටතේ ශිල්ප සභාවේ ලියාපදිංචි වී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ සහ නවක ශිල්පීන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමට පියවර ගැනෙනු ඇති. හස්ත කර්මාන්ත ශිල්පීන් ලියාපදිංචි කොට ශ්‍රේණිගත කර හැඳුනුම්පතක් ලබා දීමටත්, සැපයෙන පහසුකම් ක්‍රමවත් කිරීමටත් මෙහිදී සිදු කිරීමට නියමිතය.