වාද්දුවේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

වාද්දුවේ ප්‍රදේශ කිහිපයකට ලබන ඉරිදා ජල කප්පාදුවක්

by Staff writer 18-02-2021 | 11:18 AM

COLOMBO (News 1st) - වාද්දුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන ඉරිදා (21) පෙරවරු 8.30 සිට රාත්‍රී 7.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද නාගොඩ, බෙන්තොට, බෝම්බුවල පිලමිනාවත්ත, පයාගල, මග්ගොන, බේරුවල, අළුත්ගම දර්ගා නගරය සහ කළුවාමෝදර / මොරගොල්ල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ජල සැපයුම අත්හිටුවීමට හේතුවී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ ය.