COLOMBO (News 1st) : සිය මන්ත්‍රීවරුන් කොරෝනා එන්නත ලබා ගන්නේ, රටේ සියලු ජනතාවට එන්නත ලබා දී සම්පූර්ණ කරන විටදී බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මේ බව පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කරමිනි.
''225 දෙනාට විතරක් දෙන වෙලාවට අපි එන්න සූදානම් නැහැ. ජනතාවගේ අවශ්‍යතාව ඉෂ්ට කරලා ඉන්න, එතකොට අපි ඒකට එන්නම්''
සෞඛ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ සහ ගුරුවර ගුරුවරියන් ඇතුළු ජනතාව සමග ගැටෙන පිරිස් සිටියදී රෝගයේ ප්‍රධාන ගොදුර බවට පත්ව ඇත්තේ, මන්ත්‍රීවරු 225 දෙනා දැයි, ජවිපෙ වැඩිදුරටත් ප්‍රශ්න කර සිටී.
මේ සම්බන්ධයෙන් විජිත හේරත් කුරුණෑගලදී කළ ප්‍රකාශය පහතින්...
මේ අතර අවදානම් සහිත ප්‍රදේශවල ජනතාවට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා බන්ධනාගාර නිලධාරීන්ට ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම අදත් සිදු කෙරේ.
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව කොළඹ නාගරික සීමාවේ පුද්ගලයින්ට එන්නත්කරණය අදත් සිදුකරන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත ලබා දෙන්නේ, යුද හමුදා රෝහලේදී ය.
අප වාර්තාකරුවන් සඳහන් කළේ, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, ගීතා කුමාරසිංහ, ශාන් විජේලාල්, අනුර ප්‍රියදර්ශන යාපා සහ අනුරාධ ජයරත්න යන මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ එන්නත ලබා ඇති බවයි.