by Staff writer 18-02-2021 | 4:15 PM
COLOMBO (News 1st) : රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් යාල රක්ෂිතයෙන් සොයාගෙන තිබේ.
ඌව පළාත් වනජිවී සහකාර අධ්‍යක්ෂ උපුල් ඉංද්‍රජිත් මහතා සඳහන් කළේ, ගෝනි 30 ක දමා තිබියදී එම ගංජා සොයාගත් බවයි.
එලෙස සොයාගනු ලැබූ ගංජා තොගයේ බර කිලෝග්‍රෑම් 350 කි.
එම ගංජා අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබියදී වනජීවි නිලධාරීන් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.