මාදම්පේ  ජනතාව දේව කන්නලව්වක...

මාදම්පේ ජනතාව දේව කන්නලව්වක...

by Staff writer 18-02-2021 | 7:22 AM

COLOMBO (News 1st) - මාදම්පේ ප්‍රදේශයේ සිදු කෙරෙන පරිසර විනාශය නවතා දෙන ලෙස ඉල්ලමින් ජනතාව ඊයේ දේව කන්නලව්වක නිරත විය.

මේ දේව කන්නලව්ව පැවැත්වුණේ, මාදම්පේ ආගමික ස්ථානයකදීය. මීට මාදම්පේ ගම්මාන කීපයක ජනතාව හා ආගමික නායකයන් එක්විය. දේව කන්නලව්වක නිරත වෙමින් ජනතාව පෙන්වා දෙන්නේ, මාදම්පේ, සුදුවැල්ල, මුගුණුවටවන ඇතුළු ප්‍රදේශ කීපයක සිදු කරන වැලි ජාවාරම් හේතුවෙන් විශාල පරිසර විනාශයක් සිදුවන බවයි. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට නිසි බලධාරියෙකු නොමැතිකමින් මෙම අවනඩුව දෙවියන්ට කීමට සිදුව ඇති බවට ප්‍රදේශවාසීන් මැසිවිලි නගති.